ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා වෙඩ් අඩවි අතරට වැල්ලවාය ප්‍රාදේශීය  සභා  වෙබ් අඩවිය ද  එක්කර ඒ හරහා මහජන පුස්තකාල සේවාව ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව සතුටු වන අතර, වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රද්ශයේ පමණක් නොව මුළු ලොව පුරාම විශ්ව දැනුම බෙදාදීම සඳහා කටයුතු සැළසීමට හැකිවීම පිළිබඳව සතුටු වන්නෙමු.

1958-09-06 දින වැල්ලවාය ගම්සභා පුස්තකාලය ආරම්භ කල අතර, එහි පළමු සාමාජිකයා ඩී.එම්.යූ. බණ්ඩාර නැමැති අයයි. ගම්සභා පුස්තකාලය ආරම්භ වන විට එවකට ගම්සභා සභාපති වශයෙන් පුංචි බණ්ඩා මැතිතුමාගේ මැදිහත්වීමෙන් එවකට ගම්සභා සභා ගොඩනැගිල්ලේම කුඩා කාමරයක මහජන පුස්තකාලය ආරම්භ කර ඇති අතර, එසේ පැවති මහජන පුස්තකාලය 2008-06-23 වන දින iii ශ්‍රේණියේ පුස්තකාලයක් බවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ශ්‍රේණිගත කර ඇත.

Sinhala Tamil Unicode

Go to top